"කො අමාලි"
" අන්න කසුන් පුතා එක්ක ගමනක් ගියා"
" ඔයාට බැරිද ඒ ගමන් නවත්තන්න ,දැන් ඔය කීවෙනියද?"
" මං මොනවා කරන්නද ?එයා දැන් ලොකු ළමයෙක් ,අනික කසුන් කියන්නේ එයාගේ යාළුවෙක් විතරයි"
" හරි බලමුකෝ, බඩකුත් උස්සගෙන එයිනේ ,අන්න එදාට මේ තාත්තගෙ හැටි අම්මයි දුවයි දැනගනයි"
සනත්ගේ කෑ ගැසීම නයනා අබමල් රේණුවක්වත් තැකීමක් නොකලේ අමාලි පිළිබඳ කතාබහ අවසානයේ තමා පැත්තට හැරෙන බව දැනගෙනය.
.....
" ප// ර බැ/ ල්/ ලි//..., මං සද්ද නොකර හිටියා ට තො හිතුවා ද? මම හාවෙක් කියලා ,තොගෙ විදිහටද දරුවාවත් හදන්න ඕනි, කසාද මිනිහා තියාගෙන පොලිස් කාරයෙක් ගෙ අස්සෙ දාගෙන නටපු නාඩගම් මම නොදන්නවද?"
" මේ මොන උලව්වක්ද? මං විතරද ය්කො බුදිය ගත්තෙ,තො අර ප්‍රයිවට් සෙකට්‍රි ද කොහෙද කියන ප/ර/ට්ටි// එක්ක රෑ තුන හතරක්ම ගෙවලා ගෙදර එනවා,මං එව්වා ඉවසන්ට ඕන,තො කරපු දෙ මාත් කලා එච්චරයි "
ඈත සිටම මෝටාරියක හඬ ඇසීමෙන් දෙදෙනාම නිශ්ශබ්දතාවයේ පසුවිය .
" එන්න කසුන් ඇතුලට , අම්මි, කසුන් ට අම්මයි තාත්තයි එක්ක කතා කරන්න ඕන ලු"
" කසුන් ප්ලීස් සිට් "
.
" මොනවා හරි බොනවද කසුන් ලමයා?".
" අනෙ නෝ අංකල් ,මට මුකුත් එපා "
" මොනා ගැනද කසුන් ළමයා කතා කරමු කිව්වේ"
" අංකල් මම ලාස්ට්ර ෆ්‍රයිඩේ ෆ්ලයි කරනවා කැනඩා.. අමාළිවත් එක්කන් යන්න කැමතියි..අපෙ එෆෙයාර් එක මමීලත් දන්නවා ,ඒ ඔක්කොටම වඩා මම කැමතියි ,මැරේජ් එකට ඉස්සෙල්ලා ම අපි ලිවින් ටු ගෙදර් වන් ඉයර් වත් වගේ ඉන්නවට ,එතකොට අපි දෙන්නට දෙන්නව තේරුම් ගන්න පුළුවන්නේ".
සනත්ගේ ඔලුව තෝන්තුවිය. වම් ඇස රත් පැහැ ගැන්වීය. අමාළි ලැජ්ජාවෙන් මෙන් කසුන් දෙස බලා ඇස්වලින් මුකුළු කරන්නට විය. නයනාගේ මුහුණ රතු වී ම බෙරි වී ගිය අතර ඇගේ ඇඟිලි තුඩුවලින් නහය සූරන්නට වීය.
" ඔහ් , මං දන්නවා අංකල් හිතන දේ, ඒත් අංකල් මේ කල්චර් එකෙන් ඈත් වෙන්න. එතකොට මේ ලයිෆ් එක ඊසි වෙවී. එහෙනම් මම යන්නම්"
" ඇයි ඩාලින්, ඔයාට ටයඩ්"
" නෝ අයි හෑව් a lot of work ඩාලින්, so i have to go,"
"Okay bye darling see you tomorrow,"
" දැන් ඇත්ද තොට... සනත් මිමිනුවේ නයනාගේ කනට ලංවය.
" ඇයි දැන් මට..."
" කටවාපිය බැ/ල්ලී//"
නැගී එන කෝපයකින් වෙලී ගිය නයනා වහ වහා උඩු මහලට දිව ගියාය. සනත් දිගු සුසුමක් ලා ඔහුගේ කාමරය වෙත ගියේය. සාමාන්‍ය පරිදි නිවස දැඩි නිශ්ශබ්දතාවයේ පසුවීය .අමාළී තම මවගේ කාමරයෙ දොරට සෙමින් තට්ටු කළාය.
" අම්මී ඔයා වැඩක්ද?"
" නෑ කියන්න ඇතුලට එන්න"
" අම්මි කසුන්ගේ ප්‍රපොසල් එක ගැන මොනවද
හිතන්නෙ?"
" ඔයා හිතුවද අපි මෝඩ මිනිස්සු කියලා, අනික මේක කැනඩාවවත්, ඇමරිකාවවත් නෙවෙයි ලංකාව ..සංස්කෘතියක් තියෙනවා"
" මේ අම්මි ඔය සංස්කෘතිය හන්ද තමයි ඔයයි තාත්ති හැමදාම රණ්ඩු,...හරි කසාදයක් ද ඔක?"..
" එක හන්ද වෙන්න ඇති ඔයා ඉන්නෙ, අමාලි මෙ........."
" මම අම්මිගෙන් ප්‍රශ්නයක් අහන්නද?"
" හා අහන්න"
" අම්මි, අම්මිගෙයි තාත්තිගෙයි සෙ/ක්ස් ලයිෆ් එක ගැන සැටිස්ද?"
"චී, මොනවද මේ කතා.. දරුවෙක් අම්මෙක්ගෙන් අහන ප්‍රශ්නයක්ද?"
" කෙහෙල් මල් සංස්කෘතිය ඔලුව උඩ තියන් ඉන්න එපා අම්මි, උඩින් ඔපෙ යටින් හපේ.. මං දන්නව හැමදේම"
" මොනවද දන්නෙ ඔයා? අහපු කැත කතාව"
" අහන්න කැතැයි කරන්න... මං හොඳටෝම දන්නවා. පෙරේරා අන්කල් මෙහෙ ඉදියේ ඇයි කියලා.. තාත්තා නැතිවුන හැම දවසකම පෙරේරා අන්කල් මෙහෙ"
"ඒ ගමන තාත්ති වගේ ඔයත් මට කතා හදනවද? අමාලි ,අනේ මං ගුරුවරියක් උනාට මගේ දරුවාව හදාගන්න බැරි උනා නේ"
" කතා නෙවෙයි ඇත්ත ,දවසක් ස්කූල් ගිහින් ආවම මම අම්මියි කියල කතා කරද්දි, පෙරෙරා අනකල් අම්මා ගෙ කාමරේ ඉඳන් කලිසම හද හද ආවා. මට එතකොට වයස දහතුනයි ඒ ඇවිල්ලත් මගේ ඔළව අතගාලා කිව්වා." අම්මිට ආයෙ පාළු හිතුනොත් පෙරේරා අන්කල්ට කතා කරන්න කියලා", ඕක දැනුයි මට තේරෙන්නේ"
" අනේ දෙයියනේ මේ මොන අපරාධයක්ද ?ඇයි මට මේ වගේ දරුවෙක්"
අමාළි සියලු දෑ යටපත් කොටගෙන ඉතා වේගයෙන් පහළ මහල වෙත ගියාය. ඇගේ අඩි ශබ්දය නයනාගේ හීන් කෙඳිරිය සමඟ සම්මිශ්‍රිතව මුළු නිවස පුරා පැතිර ගියෙය.