Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




M.D Tharushi Nisansala( TaShI GIRL) level_badge

M.D Tharushi Nisansala( TaShI GIRL)

Content Writer

Aug 30 2024 @ 14:28

මතක ඇණියක සොදුරු ගුරු නුඹ ✍️

The first teacher ,
ගුරු ගීතය. . .

අල්තිනායි ගෙයි දූයිශෙන්ගෙයි ... අයිතිකාරයා ඔහුයි.. චින්ගීස් අයිත් මාතොෆ්...


පාඨක සහෘද සිත් ස්පර්ශ කර මේ හිමි නොවූ ප්‍රේමය ඔහුගේ විශිෂ්ට නිර්මාණයකි. 
1928 දෙසැම්බර් 12 වැනිදා සෝවියට් කීර්ගීසියාවේ ෂෙකරීන් ගම්මානයේ උපත ලැබූ හු අද වන විට ලොවක් දන්නා අහිමි ගුරු ගෝල ප්‍රේමයක අයිතිකරුවෙක් වී හමාරයි..
.

" නුඹගේ රසය මා වචනවලට පෙරලන්න නම් දන්නේ නෑ.නමුත් මට දැනුන දෙ වචන වල ට පෙරලුවා*

___________.
." කිසිදා ප්‍රේමයේ නමින් 
නොලියුණු ප්‍රේමයක 
හඬින් ලණ පසුතැවිලි 
සුසුම්...
කඳු ගැටය මත 
පොප්ලර් යුවලින්ය..
අල්තිනායි 
කෑ ගැසුවේ සමු දෙද්දී..
හුණුව වැගිරුණු ඔබේ හද..
ඔව් මම දැක්කා දුයිශේන් 
ඔබ මෙතෙක් කල් සැඟවූ..
ඉතින් දුයිශයෙන් කිම එදා 
නුඹ මට නොලියුවෙ..
ලිපිය පිළිතුරු...

_ පද- සත්සරණි දිසානායක _

____________

" සමහර විට පිළිතුරු කවියක් දුයිශේන් ඔබ අයිති නායට සුසුමකින් හෝ දැනෙන්නට ඉඩ හැරියා නම්, 

" අපි තව ටිකක් ඉවසමු"කියන වචන හතර ගැලපුවා නම්'පිවිතුරු ප්‍රේමයක තවත් මං පෙතක් විවර වන්නට තිබුණා. ..

එහෙනම් කතාව වෙනස් අතකට හැරෙන්න තිබුණා..


" අර ඈත කඳුවැටියේ පේන පොප්ලර් ගස් දෙක සතුටින් ඉපිලි නටන්න තිබුණා.. හීන් කෙඳිරිලි හඬකින්" අල්තිනායි, දුයිශේන්"නම් මුමුණන්නට තිබුනා.. ඒ පොප්ලර් ගස් දෙක කොච්චර වැඩුනත් වැඩෙන කාලයේ තිබුණ සතුට පරව ගොස් එකම තැන නතර වෙලා නිහඬ වුණා.. අර ඈත පේනවද ඒ දෙන්නගෙ ආදරේ අහස්කුස සැරිසරනවා..."


___________

" හීන් කිතියකින් හිත කිතිකවා.
සියුම් සිතකට අරුත් කැන්දා 
අහිමි පෙමකට උරුමකම් කී ඔබ දුයිශෙන් ...
දුම්රිය නොනවත්වා යද්දී..
හදවත ගැහුනා..
කඳුළු ලෙස නෙතගෙ 
ලියවුනා ප්‍රේමයේ 
මතක සටහන්..
අපවිත්‍රකම සෝදාහරියේ 
නුඹව මා හිත දරා මත්තෙන්...
අනේ මට පුළුවන්නා උ නා නං
වෙනස් කරනවා කාල තීර්තක...

_ පද- තරුශි නිසංසලා _

" පොප්ලර් ගස් දෙක එකිනෙකට ඈතයි..
කොලයක්වත් එකිනෙක ගැටුණ නෑ සත්තයි

_ Nirmal- copied_



My mind said that ,

අල්තිනායි says,...

" අනේ මට ඒකට වරම් තිබුණේ නැහැ පපු කිනිත්තට ළං වුණා විතරයි" 


______

එකිනෙකා බැඳිලා තිබුනේ මුල් වලින් විතරයි..
තාම ඒ ගැන දන්නේ එක ගහක් විතරයි..

_ Nirmal- copied _ 


_________

දුයිශෙන් says,.." ප්‍රේමය උරුමයක් නොවේ අල්තිනායි, පොප්ලර් ගස් දෙක ඈතයි තමා කොලයක්වත් ගෑවුනෙත් නෑ. හේතුව?"


" ප්‍රේමිය අල්තිනායි,
නුඹ හා මා වෙනස් බව මා තේරුම් ගත් බව, 
ඔය සියුම් පොප්ලර් ගහට මං වගේ දරදඬු පොප්ලර් ගහක් ගැලපෙයිද? 

" නොදැනුනා වගේ හිටියට 
දැණුනා මහ මෙරක් ලෙසින් ඔබ මට..
මට වඩා සියුම් ඕප්ලර් ගහක් නුඹට ලැබීමට මා අදහස් කළා.." 


ඉතින් ප්‍රේමණීය හදවත් ඇත්තනේ නික්මෙන්නට අවසරයි මට .


" පොප්ලර් ස් ලොකු වෙද්දී මං හින්දා හීන් කොළ නැටවුණා.. දූෂේන්ගේ ඒ පාසලේ සුවඳ අල්තිනායී වෙත රැගෙන ගියා... ඔබව රැගෙන ගිය ගුණමකු වා ළඟ හිදි නුඹගේ හීන් කෙදිරිය දුයිෂෙන් ටපණිවිඩ කෙරෙව්වා.. දුම්රිය පණ ගන්වද්දි ඔබගේ කෑ ගැස්සීම මට මුසු වුණා. මම අල්තිනායිට හොරා ඇගේ ලය මැදින් රූටලා ගියා.. ආයෙ අල්තිනායි ගමට එනකොට නුඹ සැඟවී සිටියද නුඹේ සුවඳ ඇය වෙත ගෙන ගියා..

" කාටත් හොරාම ගුරු ගීතය මම අහස් කුස හරහා ගැයුවා.." 

ඔව් මම එතන ජීවත් උන..

නමුත් නුඹලා කවුරුවත් දන්නේ නැහැ..

මෙයට ආදරණීය, 

ප්‍රෙමයෙ සුසුම් පොද ___




_ තරුශි නිසංසලා _ ✍️

Prathibha magazine...


Loading...