Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Araliyaa � level_badge

Araliyaa

Member

Feb 27 2026 @ 07:17

දියබත්වූ හාදු

අයාලේ යන සුළඟකට දවටා
      රෝමාන්තිකම හාදු වැස්සක් එවනෙමි,
හාදු සමගම තවත් පෙම් කවි
      දහක් පමණ ම එයට අමුණා එවනෙමි,
ලැබේදෝ නොලැබෙදෝ නොදැනම,
       පිළිවදන් හාද්දකට මඟ බලනෙමි,


                       ප.ලි

උඩු සුළඟකට හසු ව හාදු ගණනාක්ම අස්ථානගතව ඇති බවත්,
අතරමගදී හමුවූ වැස්සකට ඉතිරි හාදු සියල්ල පෙඟී ඇති බවත්,
ලියූ පෙමි කවිවල අකුරු වැස්සට සේදී ගොස් ඇති බවත් ,
හිත මිතුරු සුළඟකින් දැනගතිමි.

✍️අරලියා