Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Araliyaa � level_badge

Araliyaa

Member

Jan 28 2026 @ 23:34

ආදරණීය උතුරු තරුව,



ආදරණීය  උතුරු තරුව – පොලාරිස්,
කෝපි කෝප්පයක අවසානෙ රැඳුණු
අපහැදිලි බොරපාට මණ්ඩිය වගේ
ඔයාගේ ඇස්…
අධිමාත්‍රික කැෆේන්මය හාදු වලින්
උණුසුම් වුණු වැළඳ ගැනීම්…
කප්පරක් හීන ඇමිණූ
ක්ෂීරපථයෙන් එහාටත් විහිදුනු
කළු කුහරමය ආදරයක් අපිට තිබුනෙ,
මගේ සදාකාලික  ආදරණීය
උතුරු තරුව,
ඔව්…
මං ඒ කිව්වෙ ඔයා ගැන තමයි 😇
ගිනි අරන් දැවෙන්න හරි,
නැත්නම්
සදාකාලික තරුවක් වෙලා
අහසෙ දිලිසෙන්න හරි—
අඩු තරමේ
අපි ආදරෙ කරානෙ… 🥹✨

✍️අරලියා