Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Araliyaa � level_badge

Araliyaa

Member

Oct 06 2026 @ 21:44

නිදහස කියා යමක් නොදනිමි🍂



නිදහස කියා යමක් නොදනිමි,

නිදහස කියා යමක් නොදනිමි.
ශීත කුණාටු තරණය කරමි.
රළු වැසි අතර පෙඟෙමි,

ඉඩෝර පසුකරන්නෙමි.
වැහි පොකුරු අතර සීතලට ගුලිවෙමි.
හිරු පහස විදින්නෙමි,

පා ගෙවෙනතුරු ඇවිද යමි.
මෝනින්ග් ග්ලෝරි හා රහස් මුමුණමි.
උඩු සුලගකට හසුව වල්මත් වෙමි,

කඳු නිම්න පසු කරන්නෙමි.
මූන් ෆ්ලවර්ස් සමග සිහිනවල ඇවිදිමි.
ගමනාන්තයක් නොදන්නා සැරිසරන්නෙක්මි,

කෙටි වැසි අතර තෙමෙමි.
අවර්ණ ලොවක ගිලෙමි,
වර්ණයක් සොයමි.
විඩාබරව පසුතැවෙන හදවතින් කල් ගෙවමි,

අවසන,

කුඩා තරුවක් වෙන්න පතමි

නිදහස කියා යමක් නොදනිමි!
                                                 
                                                ✍️අරලියා