Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Araliyaa � level_badge

Araliyaa

Member

Nov 02 2026 @ 20:13

✨️🖤🌙



ආදරේ කියන්නෙම.....,

පහසුවෙන් මත් ගතිය නොබසින සැර බීමකට,
විටින් විට හද කොනිත්තන හැඟීමකට,
ඇතැම්විට ගෙල සිරකරන
මරණීය ඇබ්බැහියකට,

නිදි නොමැති රැයවල
තනිකම මකන කඳුලකට,
දරුණු ඉඩෝරයක වුවද
අහම්බෙන් හමා යන සිසිරතර හුළඟකට,

තාරකා ඇස් අතර
වරු ගණන් අතරමංව,
අයාලේ යෑමකට......

ආදරේ කියන්නෙම,

කැෆේන් ගැල්වූ
හැඟීම් ගොන්නකට........

                                            ✍️අරලියා