*⭕මෙම කතාව හෝ කතාවේ කොටස් කතු අවසරයකින් තොරව උපුටා ගැනීමටත් වෙනත් සමූහ වල හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලාවල පළ කිරීම හෝ පිටපත් කිරීමත් වෙනත් අය හට ලබාදීමත් සපුරා තහනම් වේ.⭕*
සියුමැලි නෙළුමෙන් උපන් ....
_*නෙළුම්*_
Written by - wathsala ranasinghe
නෙළුම් විසිපස් වැනි කොටස .....
(අවසානය....)
*අත තියන්න එපා උඹ මගෙ නෝනට.....*
චානක ඔහුගෙ ඉනෙහි රදවා තිබූ පිස්තෝලය අතට ගත් හ...
*ඇන්ටා මගෙ යාලුවාට ඉන්න දීපන්.....*
ඇනටා චානක දෙසට හැරෙනවා ත් සමග ම බානු පයින් පහරකින් ඇන්ටාගෙහි අතේ තිබූ පිස්තෝලය වැට්ටූ හ.....
බානුක ඉතා ශක්තිමත් ලෙස වැරන් පහරවල් ඇන්ටාගෙ ගෝල මාළු ටිකට දුන්හ......චානකත් ඔහුට නොදෙවනිව පහර දුන් හ......
ටික වේලාවකින් නෙළුම් හට අමාරු විය...
*මහත්තයෝ .....අනෙ ......අනෙ.....මට .....මට අමාරුයි ...මහ.......*
ඇයට කීමට හැකි වූයෙ එපමණකි...
*අඩෝ බානුක......ගජ මිතුරු චානක .....බලපන් ... මන් ලග කවුද ඉන්නෙ කියලා....බලපන් ඇස් ඇරලා.....*
නෙළුම් ගෙ කෙස් වැටියෙන් ඇන්ටා අල්ලන් හිදි....නෙළුම් අමාරු වෙන් කෑගසයි.......
*මාව ඇතෑරපන් ඇන්ටා......*
*නෙළුම් මැනික ඉන්න මන් එනවා....*
*හා හා ඔහොම ඉදපන්.... දණ ගහපන් උඹලා දෙන්නාම.....පරයෝ.....දණ ගහපන්....නැත්තම් මේ පිහිය නෙළුම් ගෙ බඩ ඉරලා දායි.....දැන ගනින් ඒක.....*
*මගෙ නෙළුම් .....*
බානුක හා චානක ඔළුව පහත් හොවා දණ ගහන ලදී.....
නෙළුම් ඉතාම අමාරුවෙන් කෑගසයි.....
*බානු ...ස්ස් ස්...මෙ*
*අර බලපන් පිස්තෝලෙ.....*
චානක ඇන්ටා තම දෙසට හරවා ගැනීමට කෑගසන ලදී....ඒ අතර තුර බානු පැන පිස්තෝලය ගත් හ.....
*අඩෝ අන්ටා.....අතාරපන් මගෙ ගෑනිව......නැත්තම් මන් උඹෙ ඔලුව කුඩු වෙන්න ඩෙඩි තියනවා......*
එලෙස කියා බානුක හිස් අහසට වෙඩිල්ලක් එල්ල කලහ......
තිගැස්සුනු ඇන්ටා නෙළුම් ව අතහරින ලදී.... බානුක පිස්තෝලය බිම දමා වැටෙන්න ගිය නෙළුම් ම අල්ලා ගැනීමට දිව ගියහ...
චානක ඒ පිම්මටම පිස්තෝලය අතට ගත් හ....
*බානු නෙළුම් ව අරන් යන්න ඉක්මනින් ...නන්ගි ට අමාරුයි ...මන් මුන් ගැන බලා ගන්නම්.....*
චානකට කීමට හැකි වුන්නෙ එපමනකි.....
ඇන්ටාගෙ ගෝලයෙක් ගේ පොලු පහරකින් චානක ඇද වැටුනි.....
*චානක........*
*අයියේ......*
*මන් ගැන හිතන්න එපා උඹලා ඉක්මනින් පලයල්ලා.....පලයන්.....*
*එහෙම කොහෙ යන්නද යකො...මගෙන් බේරිලා......*
ඇන්ටා බානු හා නෙළුම් ඉන්නා තැනට ආහ....බානුක නැගිට ඔහුට පහර දෙන්න තැත් කිරීමත් සමගම ඇනටාගෙ පිහි පහර බානුකගෙ උදරය පසාරු කරන ලදී.....
*මහත්තයෝ ......*
නෙළුම් හට සිහිය නැති වුනි...
*බානු.....*
වැදුන පොලු පහරේ අමාරුව පසක තබා...චානක් පිස්තෝලය අරන් පහර දෙන්න ආ සියලු දෙනාට වෙඩි තියන ලදී.....
*අඩෝ ඇන්ටා දැන් උඹේ වාරෙ......*
*උඹ මට වෙඩි තියන්න .... තියපන් බලන්න......*
ඔහු ඉදිරියට එනවාත් සමග චානක වෙඩි තියන ලදී....
මහා දැවැන්ත රූස්ස ගසක් බිම වැටෙනවා මෙන් ඇන්ටා ඇද වැටිනෙ....
*බානු බානු....උඹට මොකද.....? දෙයියනෙ නෙළුම් ට සිහිය නෑ නේද...?*
*නෙළුම් ...නෙළුම් ඇස් අරින්න......කෝ නෙළුම් නෙළුම් .....අනෙ නැගිටින්නකො.....*
චානක කම්බුල් වලට තට්ටු කර නෙළුම් ගෙ සිහිය ගන්නා ලදී......
*මගෙ මහ......මහත්තයා .....*
*අනෙ නන්ගි නැගිටින්නකෝ.....බානුක ට මොකුත් නෑ....එන්න අපි එයාව බලන්න යන්......*
*මහත්තයා අනෙ මගෙ මහත්තයා ....*
නෙළුම් බානුක ලග ගියහ...
*අනෙ මහත්තයෝ .... නැගිටින්නකො....අනෙ මගෙ පන....අනෙ අයියේ බලන්නකො ලේ ...යනවා හොදටම.....*
*බානුක අපි ඉක්මනින් හොස්පිටල් යන්....පුලුවන් ඉක්මනින් ...ඉදපන් මන් කා එක අරන් එන්නම්.....*
*චා....චානක .....*
බානු අමාරු වෙන් කතා කලහ...
*ඉදපන් මචන් මන් එන්නම්....ඉක්මනින් ...*
*ඉදපන්.....චා...නක....ලගට වරෙන්.....*
*මගෙ නෙළුම් .....මගෙ මැනික......අපේ කෙල් ...කෙල්ල....*
*එයාට මොකුත් නෑ මහත්තයෝ අපි යන්කො...*
*දැන් වෙලාවක් නෑ මැනික......මන් කරපු පව් වලට මේ අත්මෙම මට පරිසන් දුන්නා.....මැනික.....මන් ඔයාට පොරොන්දු වුනා ඔයාට දුකක් දෙන්නෙ නෑ....කියලා....ඔයාව දාලා යන්නෙ.නෑ කියලා....අනෙ ඒත් ඒත්........*
*අනෙ මහත්තයෝ ....මොනාද කියන්නෙ....*
*ඒත් මට යන්න වෙනවා මැනික....ඔයා අපෙ දරුවා බලන් හොදින් .....හො.....දින් ඉන්න රත්තරන් .....*
*මොනාද බූරුවෝ ඔය කියන්නෙ .....උඹට මොකුත් වෙන්නෙනෑ....අනෙ බන් උඹ නැත්තම් මේ කෙල්ලට මොක්ද්ද වෙන්නෙ.....*
නෙළුම් හා චානක බානුගෙ දෙපස ඉදගෙන් සිටින අතර බානුක දෙදෙනාම අත් අල්ලා ගත් හ.....
*චානක උඹ කීවා හරි බන් ..... මේ පව් මට පරිසන් දෙනවා....ඒත් දුක් නෑ බන්... රත්තරන් කෙල්ලක් මට හම්බ වුනා.....ඒ වගේම....මන් තාත්තා කෙනෙක් ...*
*මැනික පහත් වෙන්නකො......*
බානුක නෙළුම් ගෙ නලල සිප ගන්නා ලදී....
*චානක උඹ මට මෙච්චර උදව් කලා... මට තව එකම එක උදව් වක් ........*
බානුක අමාරුවෙන් හුස්ම ගනී....
*උද.....උදව්වක් කරපන්බන්......*
*මොක්ද්ද බන් උඹ වෙනුවෙන් මන් මගෙ පන උනාත් දෙනවා........*
*එපා....මංචන්.... උඹ මගෙ පනව පරිස්සමෙන් බලා ගනින්.....*
*මහත්තයෝ .....මොනාද අනෙ ඔයා මේ කියන්නෙ.....*
නෙළුම් හොදටම අඩන්න වුනි.....
*මචන් ....*
*මොකුත් කියන්න එපා බන්.....මගෙ මැනිකව පරිස්සමෙන් බලා ගනින්....නෙළුම් එක්ක සතුටින් ජීවත් වෙයන්....මට සැනසීමෙ ඇස් පියා ගන්න පුලුවන් ....උඹ තරම් මට කාවවත්ම විශ්වාස නෑ බන්.....*
බානුක නෙළුම් ගේ හා චානකගෙ අත් එකතු කලහ...
*මගෙ මැනික....පරිස්සමෙන් ....අපේ....අපේ කෙල්ල...පරිස්සමෙන් බලා ගන්න....මන් ආයෙ එනවා....මන් හැම....හැමදාම ඔයා එක්ක ඉන්නව.....*
*අනෙ මහත්තයෝ ....*
*එකම එක පාරක් හිනා වෙන්න මැනික....මගෙ නෙළුම් මල....*
නෙළුම් කදුළු අතරින් අමාරුවෙන් හිනා වුනි....
*අනෙ මාව දලා යන්න එපා....මහත්තයෝ ....අනෙ රත්තරන් .....ඔයා මට පොරොන්දු වුනා...අනෙ මහත්තයෝ .....*
බානුක අමාරුවෙන් හුස්ම ඉහලට ගන්නා ලදී......
*මන් මගෙ නෙළුම් මලට......හැමදාම....ආ....ආදරෙයි .....*
ඒ වචන පෙල සමග බානුකගෙ අවසන් හුස්ම පොද වාතලට මුසුවිය.....
ජීවිතය නම් රංගනයේදි උපන් දවසෙ ඉදම් තිබෙනා චරිතය සදාකාලික නොවේ....මන් ද තැනේ හැටියට ජීවත් වීමට අපට සිදුවී ඇති නිසාවෙනි.....රංගනයේ තාත්වික භාවය අනුව සමාජ පිලිගැනීම බොහෝ ලැබෙනු ඇත... එහෙත් එය තාවකාලික වේ...මන් ද තම හෘද සාක්ශියට බොරු කිරීමට කිසිම නළුවෙකු හට නොහැකි නිසාවෙනි.....
බැදීම් පුවරවන් අත් වැල් බැදන් .... රග මඩලෙහි රගපානා අපි යම් කිසි දවසක නිවන නම් වූ පාරාදීසයේ දොරටුව හිමිවන්නෙ නැත.... මන් ද යත් පොදි බැදගත් මල්ල බිම තියා ගැනීමට අප හිත අපට අවසර නොදෙන නිසාවෙනි.....
සමහර බැදීම චානක වැනිය... සමහරෙක් ඇන්ටා වැනිය අවස්තානුකූලව වන්නා වූ බැදීම් වලින්... අපි සැමදාම බැදෙ......තෙම්පරාදු වේ...නමුදු අපිට ඇති වන්නෙ වත් පාඩමක් ඉගෙන ගන්නෙ වත් නැත....එමෙන් ම අපෙ හිත ඉල්ලන්නෙත් ඒ බැදීමයි....
කාලයෙ ඇවෑවෙන් මෙතක් කල් අපි නොදකින නොහිතපු කතා අනන්ත අප්‍රමාණ බව මේ කතාව ලියූ මාත් කියවන ඔබත් දැන ගන්න ට ඇත.....
මෙය අවසානය නොවේ....
තවත් අලුත් කතාවක ආරම්භය විය හැක.....
________________වසර තුනකට පසු _________________
*තාත්තේ ......ඔයා ආවාද......*
*අනෙ මගෙ සුරංගනාවි....කෝ එන්න මෙහාට.....උම්ම්මා....කෝ අම්මා.....*
*අම්මා කාමරෙ .....ඔලුව සිදෙනවාලු අප්පා එයාට....මන් එක්ක අද සෙල්ලම් කලන්න වත් ආවෙ නෑ අප්පා.....*
*අනා....යන් බලන්න ....*
*නෙළුම් මොකො මේ ....*
*ඔයා ආවාද.....මට පොඩ්ඩක් අමාරුයි වගෙ දැන් දවස් ගානක ඉදම්ම....*
*ඇයි ළමයෝ නොකීවෙ.....යන් බෙහෙත් ටිකක් ගන්න....*
*ඔනී නෑ මහත්තයා ....*
*අනෙ මෙ එනවා....*
චානක නෙළුම් හා රෝහලට යන්නා ලදී.....
*ඩොක්ටර් මගෙ නෙළුම් ට මොකුත් ලොකු අමාරු වක් නෑ නේද......*
*අනෙ නෑ.....*
*සුභ ආරංචියක්........*
*නෙළුම් ප්‍රෙග්නට් ....මට පේන විදිහට පුතෙක් ....*
නිමි.
_________________________________________________________________
ඉවරායි 🤗
ඉවරයි කියන්නෙ සදහටම ඉවරායි ....🥲🥲
දුකායි....අවසානය හොදාද මන් දා...ඉතින් ...😁 මට ඇඩුනාත් එක්ක....🥲
කමෙන්ට් ඔනී....
ආදරෙයි මෙච්චර දවසක් මන් එක්ක ඉදියාට....
Miss you all 😘😘
තවත් අලුත් දවසක අලුත් නවල් එකකින් ඉක්මනින් හම්බ වෙනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න....😘😘♥️
*🛑🛑කතු අයිතිය සුරකින්න...*