Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
Dayas kavinda level_badge

Dayas kavinda

Member

Nov 24 2026 @ 22:01

සැනසුමක් වෙනුවෙන්

දයාබර ජනපති සොයුරාන,
අහන්න මේ කතාව ඉදුරාම
ඔබටත් ලිහිල් කල නොහැකිද
ඉංග්‍රීසින් පනවපු,
පිට ගැස්ම හැදෙන මේ යකඩ නීති රාමුව.....
ඉල ඇට පපු පුපුරන තරම් තදට බැදපු දන් වැලේ නීතිය...
දුශ්කර සේවය කියලා දමන සිර කූඩුව... ජීවිතය පවා ගං දියෙ යැවුවා පවුල් එක්කම.......................

වෙනස්ම
බාශා
සංකෘතික
සිරිත් විරිත් පුරුදු
වැඩ පීඩනය
වැඩි කලා නොවෙද
ගිනි මැලයට පොල් කොල මෙන්
රාජකරියෙ කාර්යක්ශමතාවය ඉදල හිටල මැන්නට...
කාර්‍යක්සම නොවේ වැඩ ටික.....
සතියකට දෙවරක් වත්
තම නිවසට එන්නට හැකිවන සේ
ආසන්න පලාතක් දෙන්න ගෙදරින්
ටිකක් දුරින් වන්නට....
පැය 12ක්ම යනවා වැඩට යන්නට...
ගෙදරින් ආවත් මාසෙට දෙවරක් මා බලන්නට
බස් වියදම සැරයි අපි දෙන්නට...
ජීවිතෙ හීන පාට කරගන්නට
කරන මේ රස්සාව එක්කම රැක දෙන්න අපෙ පවුලෙ සැනසුම.....
වෙන කාට කියන්නද මේ දුක ....
අපේ දුක අසා පිලියම් දෙන
ජනපති ඔබ හැර....

දුශ්කර සේවයෙ ඇවිත්....
ඇස් කදුලු හන්ගන්න
තනයෙ කිරි පොගවන්
දරුවන් හැර වැඩට ආපු අපේම සොයුරියන් වෙනුවෙන්.......
මහමෙරක් වගේ පවුලබර උහුලන
සුසුමෙන් හුලගට දුක මුසුකරනා ආදරනීය සොයුරන් වෙනුවෙන්...