සිඹින යුරු නෙත් යුග
දිලෙන සඳකෙමි වරුවක්
නොපෙනියන් තරු කැට
දුහුල් පින්නෙන් තවමත්
සිඳි සිඳී උතුරන
නෙතෙහි කැල්මට මොහොතක්
පෙනී බොඳවියන් නුඹ!
අනාගන්තුක සසරක්
නිවුනු සුසුමක උණුසුම
නිරස යැයි ලී කවියෙක්
වස්සානයක, අවාරෙහි
සොයනු කුමකට තරුවක්
අහම්ඹෙන් එක් කලුවරක
රැඳුනමුත් තරු අඹරක්
සුසුම් සර රැව් නොමදෙයි
අහම්ඹෙන් හෝ දවසක්!
-එය කිසි දිනක සිදු නොවේය යන්න මගින් එය කිසිවිටෙකත් හට නොගත්තා යැයි කිව නොහැක!!-
_අහස්...✍️_