රස උගුල්ලාගත් කවියත්
සියුම් හදකට රස ම ය
පෙර නොයිල්ලා ගත් තනියත්
හුදෙකලාව ට මිහිරි ය
ළ'පස සඳ රැඳි අහසත්
සොළොස්වක සේ නිහඬ ය
නිවෙන්නට හිමි පසුයමත්
හද ගැහෙන හැටි පුදුම ය!
නිශාචර සිත් දහසක්
ඉබාගාතේ නිවෙන විට
නොතේරුම්ගත් කවියක්
තවත් හදවත කඩන වග
අරුමෝසමට වැටෙන පිණි
සොඳුරු ප්‍රේමය මමන වග
සුහද ආදර! පවසමි
ප්‍රේමය මහා නපුරු වග!
_අතරමං වූ සොඳුරු මාවත....
අදටත් නුඹේ සුපුල්සර හද මග 🖤'_
_අහස්...✍️_