
වසා සඳකෙමි කවුලු දොරකඩ
නුඹේ හදවත සිහිකරද්දී
මගේ නෙතු අග ගැලූ
විරහවෙ කඳුලු බිඳු ගොලුවී ගියා
සීත ඒ සඳ ඈත අඳුරෙම
වලාපට තුල ඉකි ගසද්දී
සීරුවට ඒ වලා අතරින්
හිරිපොදක් ඉහිරී ගියා
මගෙ හදත් මැදියම් වෙලාවක
එයම සිහිකර එයම විඳිමින්
ශෝකාන්තයෙ සිසිල් සුලඟට
දිගු සුසුම් කැටි මුසුකලා
ඒ සුසුම් නල ළ'පලු අතරින්
විරහවේ බැඳි ශේෂ අතුරා
ප්‍රහර්ෂය තුරුපත් අගින් ගෙන
නුඹ දිහාවට පාකලා
-ප්‍රේමයෙහි ශේෂපත්, නුඹට මට හෝ
නොව ඒ ඒ මතකයන් තුළ අප වටා ලැගුම් ගත් සුසුම් තුළ අදත් යමෙකුට ආශ්වාස කිරීම සඳහා ය.....
ඉතින් සුහද;
ඒ ආශ්වාසකරන්නා නුඹ හෝ මම ම ද වියහැකි නොවෙද?......-