Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Member

Nov 08 2024 @ 22:28

විරසක විමන්|°••`



වසර ගණනක පැරණි සිහිනත්
වියැලිලා'වත් පෙණෙන හන්දා
මතක මල් පීදෙන රැයෙක වු'ව
ලොවම ඒ හැටි ගොලු ද මංදා

___
එක්කො ජීවත් නොවුන ප්‍රේමෙක
හිත හදන් නුඹ වඩින හන්දා
රැයක් වු'ව කලු ගැහී මේ හැටි
නිසල වී සැනසුනි ද මන්දා !

___________________|°•

බොල්ම වූ හේතුවක් ලඟ වු'ව
හදත් ඒ හැටි රිදෙන හන්දා
කාන්සිය හැර කිසිම වෙනසක්
ඇස් දෙකේ නොරැඳුනි ද මංදා

___
ඇත්තට ම බොල් නොවූ සිහිනත්
ඉඳහිටක හිත කඩන හින්දා
සමහරක්විට දුකත් වෙන්නැ'ති
හුස්ම වු'ව මට බරම හන්දා


_ පරිචය අභිබවමින් අනෙකාට ප්‍රේම කිරීමත්... හුඹස් මැටි ලෑ හකුරු කෑමක්වැනි ය! _


__අහස්...✍__


Loading...