සොඳුරු අහස උමතුව ලී මිලින පෙම් කැටි
දිලෙන කිරණ මත තරුපති සේදලන හැටි
නපුරු සුළඟ වියලිව විත් යලිත් නෙතු බැඳි
සිඳුනු මෙරු පියාපත් හැම විසුරුවන හැටි
නුමුදු මදහාසයන් හද විවරවන හැටි
නමුදු අධ ව කලුවර මැද නොපෙනි යනු ඇති
විරල හිතක ප්‍රේමෙහි මල් කැකුලු පොඩි පිපී
විකසිත නොකරන අරුණලු තව ද අරුමෙකි!
ප්‍රේමයෙහි උච්චතම ස්වර අහස මත අකාලේ සිත්තම් වූ උමතුවක් වැනි ව අපමණක් සිත් ලියද්දී
තරුපති එහෙව් ප්‍රේමයක ක්ශාරයන් කිරණ මත එක් කොට සේද වියනක් බඳින්නට ඇති
ඒ හරසර බිඳින්නට වෑයමෙන් ද්වේශ සහගත දරදඬු හැඟීම් නම් නපුරු සුළඟ....
උවමනාවෙන් නොසිඳගත් සෙනෙහස පිරුණු හැඟීම් නැමැති මෙරු පියාපත් දසත විසුරුවා හැර නික්මෙන්නට ඇති...
අපමණක් මන්දහාස විවරණය වූ හදක ආධ්‍යාත්මය පවා අන්ධ වී මහා කලුවරක අතරමං වී ඉබාගාතේ සක්මන් කරන වරුවක පවා
ප්‍රේමණීය හිතක නැගුනු ප්‍රේමය නම් මලෙහි කැකුලු පොඩි
කිසිදාක යථාර්තය නම් අරුණැල්ලක ආගමනය විකසිත නොකළ වග
අරුමයකි!