බොඳව ගිය නෙතක දියවූ අඳුන් මත
වියපත් ව ඉඩෝරෙට ඉරි තැලෙන විට
සන්නාලියක් වී, වෙලා තිරපට
මුව පුරා සිනාසුණු පෙලක් හිත් ඇත
අවාරේ සොයා ආ ඝණ මේඝ පට
ළය පටක් වී පපුව රිදන තැන් ඇත
මැදියමක උරණ වූ අමාවක රැය
අඳුර විය ආදරේ ගැහැණු මංසල
මුකුලිත මලත් සිනිඳු නිය තුඩත් අග
සියුම් වූ ඉඩකඩක රැඳි තතක් ඇත
ප්‍රේමයෙහි සුසරයෙන් පිබිදි එහි සර
එක වරක්....!,,
බිඳෙන තුරු හදක් වුව අවිහිංසක ය
_අහස්...✍️_