කවියෙකු ලියූ සොඳුරු යැයි කිව හැකි කවියක් මෙන්
ගිම්හානයේ මනස්කාන්ත සන්ද්‍යාවක් මෙන්
ළ'පලු අතරින් බට සඳ කෙමි කදම්බයක් මෙන්
මම නුඹ ද දැකගතිමි!
මයුරකු ගේ ලීල ලීලාවක් මෙන්
අහම්බෙන් දුටු වල්ගාවක් මෙන්
මල් පියල්ලක සුවඳ හැඳිනගත් බඹර තුඩක් මෙන්
ප්‍රේමයෙහි හරසර දුටිමි!
තිනෙත් ප්‍රේමියගේ හසරැළ්ලක් මෙන්
කැදැල්ලක් තනා අවසන්කල විහඟෙකු මෙන්
ඝෝශාව හිස් වී රළ මත නැගෙන රුවල් නැවක් මෙන්
ආත්මයෙහි අංශුවක පවා නිදහසෙහි ප්‍රහර්ශය විඳගමි!
_ආත්මයම සන්තර්පණයකල යුතු නොවෙද ?...ප්‍රේමය!_