මැදියමට ඉහ පිණි ද සිම්බාදෙන්
තොදොල් නුඹ දුර අහසෙ සඳ වූ දෙන්
දෙගිඩියාවම හදක ලැගුනා දෙන්
ඉතින් අපි භව පුරා බැඳුනා දෙන්
ගව් ගනන් දුර ගෙවා යද්දී
අතින් ගිලිහෙන මොහොත දක්වා
ප්‍රේමයෙන් නුඹෙ දෙනෙත් බොඳ වී
මගෙ'ම වූවා දෙන්
ලත් ආයු මම පෙරම පිරුවා දෙන්
නුඹේ ලඟ සියොලඟම ගල් වූ දෙන්
මගේ අවසන් සුසුම් පොදක' ද
නුඹේ උණුහුම් සුසුම් බැඳුනාදෙන්
දෙනෙත් මත හසරැළි ම රැඳුනා දෙන්
සුහද ප්‍රේම ය නුඹෙන් වැටහූ දෙන්
හිතින් පමණක් බැඳුනු සිහිනෙක
අනන්තය තෙක් අතරමං වූ දෙන්
ඈත නිම්නෙක අතින් අත ගෙන
හිරු මලත් නුඹ මාව, නොදකින දා
හුදෙකලා සුළඟවිත් තෙපුලන
පෙම් වදන්වල රසය වින්ඳා දෙන්
- අල්ප ආයු ලද මුත්......
මුණගැහුනු නුඹ වෙනුවෙන්
හදවත ම ලියා යමි ! -
__අහස්...✍__