නෙලා සිපගනු නොහැකි වග දැන
හැරී පිටුපා නික්ම යන කල
බලා අගයක් නොවැටහුනු පසු
බිඳුනු අසම්මතයක් ද ප්‍රේමය
විඩාබර නෙත් අස්වසාලූ
අනන්තය කොතෙකැයි කියාලූ
විසංවාදව විවරණය වන
ලාමකම හැඟුම ක් ද ප්‍රේමය
නෙතින් ගිලිහෙන කඳුලු බිම මත
හොවන තරමට බරද ප්‍රේමය
ඉතින් ප්‍රේමිය',,.... ලබා ගන්නට
'නොහැකි සේ' සිත්කලු ද ප්‍රේමය.....?''
මන්දාරමේ මල් වියන යට තියූ පිය සටහන්
වැටී පරවුනු මල් පෙති මත අතීතයට දුහුවිලි වේවි....!!
මුදුන් අත්තක පිපී හිනැහෙන රොබරෝසියා ප්‍රේමියට !!
__අහස්...✍__