දැකුම්කලු සයනයෙක රන් රේණු මැද
ඉතින් මා සතපවා නිදිකරන විට
පියල්ලක් මලට බැඳි උණුහුමට මට
අම්මේ! නුඹෙ සුසුම් කැටි දැනෙන්නට ඇත
දැනුදු නුඹෙ විඩාබර දෙනෙත් තරු ම'ය
හිස ගැටෙන අත්ල මත ඒ සෙනෙහෙ ම'ය
ඇත්තට ම හල් අකුරු බර ද ප්‍රේමෙට
නුඹ ලිව්ව ප්‍රේමය ම අම්මේ! අමුතු ය
මතුපිටට සිනාසී කඳුලු බොන ලොව
කිසිවෙකුට ප්‍රේමයක් මුණගැසී නැත!
අම්මේ! නුඹෙ ඇසිල්ලත් මීවිතක් කොට
ප්‍රේමයට නිර්වචන කොහිද 'නුඹ' හැර?
__අහස්...✍__