අඬන හදවත්වලින්
ලස්සනම වචන පිටවුනාට
ආදරේ මන්දහාසයන් දෝරෙ ගලාගෙනයන රෑක ත්
රැහැයියෙක්ට තරම්
ප්‍රේමයකට තීවුර විය හැකි ද?
වත්සුණුයෙන් වැසූ කොපුලතක රත් පැහැය තුළින්
හදගැස්ම මනින්නට නොහැකි සේ ම
මොහොතක ආයාසයත්,,
හුස්මකට පවා පටහැනිව
තනිකම ළඟ ක
ඉතා නිහඬ ය....
ඉතින් මීදුමෙහි තෙත් වූ කපුරු පියල්ලත්
බිම සිඹිනු හැර
කුමකට ලියන්නද
සිසිරයෙහි කුණාටු සුළඟ මැදක
'සන්තාප'
හිමි අහිමිකම් අභිබවමින්
ප්‍රේමයෙහි පෙරයම පවා
නිශාචර නුඹට පමණක්ම ය
සදා නොහිමි බැව් අතිශ්‍යෝක්තියෙන් දන්නා මුත්
සඳ,,!
නුඹ ය හදට බට මුල් ම කිරණ පොද
අවාසනාවන්ත අවාරයෙහි,,,
සුසුම් පොදක් මත සතුටක තත් පිරිමැදි
_අහස්...✍️_