නගරබද අහසකට පුල්සර
ඉහිරි පිණි පෙණ කැටි උනා
නුඹේ හුස්මක නොමේරූ හඬ
විටෙක සුළඟක ගැවසුණා
ඉතින් සඳ හදවතෙහි හැඟුමක්
නුඹ නිසා මිහිඳන් වුණා
අවාරේ ඒ එක ම දිනයෙත්
මමත් නුඹ දැක නික්මුණා
නොනිමි සිත්තම් සිඳුට රහසින්
නුඹේ ඇස් මත සැඟවුනා
තහනම්ම වූ සෙවණකත්
මල් පිපෙන්නට තදියම් වුණා
පුරා භවයක් අත්මිදෙන්නට
යලිත් හදවත ගොලු වුණා
පිපෙන්නට වෙර යෙදූ කැකුළක්
එබැවින් ම මුකුලිත වුණා
-ප්‍රේමය නම් බදා වැළඳගත නොහැකි.....
නිරායාසයෙන් හටගත් ආයාසයෙන් මියෙන හැඟීමකි......!
එහෙව් ආයාසයක බර පැන දැරිය නොහැකි ඇතමෙක්' හුදෙක් එකදු හිතක්, හදවතක්
එය සදාකාලික කරගනිති....-
_අහස්...✍️_