නිහඬ අහසක ගිලෙන රැය
කතරකට සිසිලක් නම්
අපමණය කියු වාලුකා කැටි
නිවන පිණි නුඹ නම්
සබඳ නුඹ සිඹි සෘතුවක 'ඒ කතර'
මගෙ 'හද' නම්
ඉතා සෙනෙහෙන් වැළඳගමි!
ප්‍රේමයෙහි නුඹෙ මල්දම්
ඈත අඹරට එර්දියෙන් බට,
නොනිමි සඳ නුඹ නම්
තිමිර ගිරි පොට වසාලූ සඳ කිරණ
නුඹෙ නෙතු නම්
නොදන්නෙමි නුඹ කවර සෘතුවක
හිනැහේ ද මනරම්
උදම් වූ ප්‍රේමෙන් ලියමි!
සිත් අහස නුඹ වෙනුවෙන්''
නුදුරු සිසිරෙක වහින පිණි
සඳකට ම යැයි ලීවත්
එකම තරුවට ඇහි කොණක
මා දෙව්ව පිණි හිමි නම්
රැයක් දකිනා නුඹට නොපෙණෙන
සෙනෙහසම එය නම්
ඉතින් මතු මං හෙටත් පවසමි!
'ආදරෙයි පණ මෙන්'
_ ඉතින් මා අනුභවකල කපුරු මල් පියල්ලෙහි පූර්ණ ක්ශාරය
සබඳ නුඹේ ප්‍රේමණීය හදවතට උකහා ගන්නට අවසර....! _
__අහස්...✍__