Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Content Writer

Feb 02 2025 @ 19:39

වත් සුණු'''



ඉඩෝරෙක මිලින වූ නිසරු පොළොව ද
සොඳුරු වූ වසන්තෙක සරු බිමක් විය
නොපිපී ම මිලින වූ සඳ මලක් වු'ව
වළා පෙළ උණුහුමින් බදා හිඳ ඇත

වෙන් වුනත් ආදරේ පෙලක් බිම් කඩ
මතක සාගරයෙ තැන් ගැඹුරු වී ඇත
හදක් වුව නිතරෝම දැනෙන බැව් දැන
ගඟක් වී පලුදු තැන් සයුර දැක ඇත

කොපුලකට පෙඟෙන්නට කඳුලක් ද ඇත
දුකක බර මනින්නට අහසක් ද නැත
අවාරේ සෘතුවක මහා වැහි මැද
ගිණි කඳු ද නිවෙන්නට හේතුවක් ඇත!



-සුහද,,
කිසිවිටෙක ප්‍රේමයක් උගුල්ලා ගත නොහැක
නමුත් සියුම් ප්‍රහර්ෂයක් තුළ පවා ප්‍රේමයකට රැඳිය හැක

හසරැළි කවමදාවත් නිවෙන්නේ නැත
නමුත් එක් බොල් කඳුලකට එය දුකක් කළ හැක

සදාතනික විය යුතු ම යැයි ප්‍රේමයට නියමයක් ද නැත
එහෙත් සසරක් ම වු'ව දැනෙන්න ට ප්‍රේමයකට හැක!-


_අහස්...✍️_