ඔබ ගැන තැකීමක් නොකරන අයෙකු ගැන ඔබ තැකීමක් කරනුයේ
කුමන ප්‍රහර්ෂයක් සඳහා දැයි දනිමි
එය ප්‍රේමයෙහි ප්‍රහර්ෂය යැයි ලඝු කොට ලියමි!
එහි ම වූ කටොර බව කොතෙක් දැයි දනිමි
එහෙයින් එවැන්නක් ගැන කිසිවකුත් නොලියමි!
මියුනු යෙන් දහසකුත් පැළවල ඉඩ හසර අනෙකකු අත් කරගනිති
නමුත් ඉඩෝරේ මියුනු කහ පඳුරක හේමන්තයේ කොන්ඩියක් දැක සතුටු වෙමි!
සුහද ප්‍රේමයෙහි ගොලුබර රස කොතෙක් දැයි දැනුදු නොදනිමි
නමුත් එය අහසටත් වඩා පුලුල් බැව් දන්නා වග ලියමි!
_අතෘප්තිමත් ආධ්‍යාත්මයක බොළඳ වූ සදාතනික හසරැල්ළ....
ප්‍රේමයෙහි මටසිලිටු වූ සුසුම් නළ නම් විය_
නමුත් මල් රේණු පවා දිනෙක මල් පියලි සමඟ ම පරව යන බව ලියමි!!''
_අහස්...✍️_