අවාරේ ආගන්තුකව ලැබ,
පැරණි පොත් තුළ පොදි ගැසූ
හමුවුණා එක් ප්‍රේම කවියක්
කුලුඳුලේ ආදරෙ ලියූ
විසල් අහසක් යට !
නිශාචර දෙනෙත් මත සඳ කෙමි තියූ
තෙතට බේරුණු මතක පැල්ලම් ,
පෑරුණා කඳුලක් බඳු
සිතක් සිතකට බැඳෙනු දැනුනා
සිසිලසින් සුළඟක් බඳු
දෙනෙත් අතරින් හුඟක් දුටුවා
නෙතක් රහසින් ඉඟි මැරූ
නොයෙක් වර වැට කඩුලු පන්නා
දිව ගියත් හදවත මතු,,
කල්පයක් දුර ඇතැයි දැනුනා...
සිඹින්නට ඒ නෙත් තරු
සිනාවෙන් සිඹි මුවම තැවරූ
සෙනෙහසක් ඇල්මෙන් ලියූ
කොපුල් සර හසරැළි පුරෝගෙන
නෙත් පුරා සිහිනෙක විසූ
ප්‍රේමයෙහි අති බොළඳ අදියර
වේදනාවෙන් පා තැබූ
නොහිමි කවියක් ලියන්නැති හද !
සංතාප ලඟ ඉකි ගැසූ
-සියලු සන්තාප ස්පර්ෂයන්හි,,
ඇතැම් මටසිලිටු සිත්
ලඝු කොට ලියූ ප්‍රේමය
උනුන්පරයා උනුන් වෙත ම
පිණි නොරැඳි මැදියමක කණ් බිහිරි කරවන ශෝකීය අඳෝනාවක් බඳු ය!-
'' ආදරය,,,
ආදරෙන්....
හෙටත්'
මා පුරවන්න!''
_අහස්...✍️_