සතරත සුසර පතුරක හඬ නැගෙන විට
හැඩිදැඩි ගතේ සතරත එය වදිනකොට
දහදිය වගුරු බිඳ බිඳ නුඹ හලනකොට
තාලම්පට වැදුනි පා බිම ගැටෙන කොට
පුල්සර ඔටුණකිය හිස බැඳි ජටාව ද
පින්බර බවක් දුනි සුදු පැහැ අඳිනකඩ
මිරිවැඩි නොමැති පය සළඹත් තලන කොට
මුව මත සිනහ' තේවාවෙහි මහිමය ද ?
අත් සිරකරන් හිඳිනා ඝණ වලලු පවා
පිටි පතුල මත වැගිරෙන රත් රුහිරු පවා
පතුර ට තැලෙන නුඹෙ සියුමැලි ලමැද පවා
පව් සෝදන්නෙ මහවැලියෙ ද දැනුදු පවා
නැවතුනි! හරිම පුදුමයි නුඹෙ දෙනෙත් පවා
ඉවසමි සමිඳු සෙවණෙහි රැකවලුන් ලවා
අත් වැල කඩන් සිත ආ මුත් නුඹ ම බදා
සමුගෙන ගියෙමි වැහි ආයෙන්' නුවර බදා
__අහස්...✍__