එසවුනු හිස සැලෙන ඉක්බිති ටිකෙන් ටික
නෙතු කැන් විටෙක රැඳුනා දුර අනන්තෙක
ඈත ඉමේ සඳ' දුටු එක නිමේශෙක
කිරුලෙ'ක ඉහිරි මුතු සැලුනා කඩින් කඩ
තේජස ජටා පටියක නුඹ කරකද්දි
පායිම් පතක ගිනි සිළු නෙතු සිපගද්දි
දහදිය බිඳිති සියොලඟෙහි ම වැගිරෙද්දි
නෙත් තුල පෙනුනෙ කොතැනද ගත මැලවෙද්දි
මුතු බැඳි ලීලාව අරුමෙකි අවුල් හර
ගලපා තිබුනි පිරිපුන් ලය වසා හිඳ
අරුමෙකි නිරවුල් ය දෑසක තියුණු බව
මොහොතක් මගේ වී ගිලිහුනු ලයක හඬ
ප්‍රේමය ල'ගන්නා තැන් ඇති නොයෙක් විට
කුමට ද නෙත් බැඳුනෙ මොහොතක අනේකව
සුසුමක පවා හදවත ලියු හසුනකට !
සුපසන් සඳ වඩීවි ද සිත් අහස වෙත''
__ස ට හ න__
ජීවිතයේ මුණගැහෙන කටෝර ඉඩකඩ පවා
සමහරක් කෝපි පාට ඇස් නිසා සුවපත් වේ.....
සටහන් තැබූ වචන පවා
අකාලයේ අහම්බයෙන් යුග ගීත ගායනා කරනු ලබයි...
ඒ ඇසෙන ල'ගන්නා සුලු තත් අභිබවා...
ප්‍රේමයෙහි අසීමාන්තික ස්පර්ශ ලදු'ව හටගන්නා නිර්ණාමික හැඟීම්....
මහා පරිචයක් මනසෙන් ඇහිඳගෙන
මතකයන් ලෙස හදවතෙහි ලැගුම් ගනියි.....
විඩාබර බොහෝ කාර්තුවල පවා.....
කටෝර අහිතකර කාර්තුවල පවා.....
ඒ මතක
හදවත අස්වසාලිය හැකි පමණින් ලැගුම් ගනියි
මටසිලිටු සියුමැලි'...මුදු මොලොක් වචනයකින් ලද පරිචයකට වඩා.....
ප්‍රේමයෙහි නිමග්න.... නග්නසුලු ස්වභාවයන් පහදා දීමට
ජීවිතය පුරා ලද එක් බැල්මක්
එක් ස්වරයක්....
එක් මනෝ භාවයක්.....
මරණය තෙක් ම අවසානයේ උත්සුක වෙයි
ඉතින් වරක් හටගත් නියා.....
වරක් බැලුනු නියා....
වරක් පුරා හදවතම බැඳුනු නියා....
තවම ත් නොබිඳුනු නියා......
ප්‍රේමයෙහි උපරිම ය එතන යැයි....
අසම්මතයේ වු'ව ලියා යමි !''
__අහස්...✍__