Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Content Writer

Nov 26 2024 @ 22:34

පුදුමවෙයි නුඹ නම්....''



නොහිමි මිහිපිට තරු ද නොදකින
රහස නුඹ වේ නම්.....
පුදුම තරමින් සුහද පබදිමි
ප්‍රේමයෙහි රස තැන්.....
අහිමි නුඹ මට සදා නොකියන
හැඟුම මගෙ වී නම්.....
විඳිමි සර' 'නුඹ නම්'.....

සොඳුරු සිහිනෙක දකින සෙනෙහෙක
කිරුළ මගෙ වී නම්......
එවන් කිරුළක රනෙක එබවූ
මුතු ව' 'මගෙ හද' නම්......
හොවා ප්‍රේමෙන් නෙළා පිරිමැදි
මුතුකරු ද නුඹ නම්.....
හිමිකරු ය නුඹ දැන්.....

-ගුප්ත වූ හදවත් සතුව
ඔබ මෙතෙක් පරිකල්පනය නොකළ
සියුම් ආත්මයකට බැඳි,  

ප්‍රේමයෙහි අසීමිත උස් පහත් තැන් ඇත! -


_අහස්...✍️_