මගේ වූ එක් දිනයක
නුඹේ යම් කිසි හැඟුමක
බරින් පන්හිඳ ගවසමින්
ලියන්නට හිමි නම් ප්‍රේමය !
පුරෝගෙන මුලු හදවත
සඳ නුඹෙන් සැදි අහසම
නිවෙන්නද තනි තරුව වී
සිහිනයක් වාගෙ රහසින්....
කියා තත් බිඳෙනා තැන්
පපුව මත රැඳි තනුවක
පුරවමින් එහි හිස්තැන්
අවසර ද මුදු නළ සිඹින්නට...?
භවේ නුඹ රැඳි මොහොතකුත්
කල්පයක් සේ විඳ රැඳෙන්නට''
_ප්‍රේමයෙහි තත්'
ළ'ගන්නා සුලු විය යුතුම ය...🖤''_
__අහස්...✍__