වියපත් ම මතකයන් අතරත්
තිබිය නොහැකි ද ප්‍රේමයක්...?
බදා දෝතින් තුරුලුකර ගත්
හැඟුම් පොදි ගැහෙනා රැයක්
රිදුම් ඉකිලන රැයක් ගානේ
තුටින් ගත් සිහිවටනයක්
දකින ගානේ දෑස් යුග වු'ව
ඉවසාවි නම් පුදුමයක් !
තනිකමක් දැනෙනා සැඳෑ වරු
ගෙවනු හැකි නම් අරුමයක්
නිදි නොයෙන මැදියමක වු'ව
'ප්‍රේමය' හිසට නුඹ සාපයක් !
මියෙන ඉපදෙන නිවෙන හදකට
නිවන සනහන ප්‍රේමයක්
ලබන්නට බෝසතුන් පමණ ද
පින් පිරුවෙ භව කල්පයක් ?
:::
''ඉතින් මගෙ ඔලුව උරහිසට එච්චරට ම බර ද ?''
:::
''සමහරක් වෙලාවට හුළඟත් එක්ක පාවෙන රොබරෝසි ත් මහ පොලොවට බරයි....''
__අහස්...✍__