අතහැරුනු පසුත්
මග බලාගෙන හිඳී නම්
මග නොහැර හදවතෙහි
කොණක හෝ රැඳේ නම්
සිත ම සිඹ හැඟුම් පොදි
මතකයට එබේ නම්
නුහුරු නැවතුම්පළ ක
ඉකි ගසා හඬාපන්
රිදුනු සිත් අඹර
පෙම් සඳක් නොනැඟේ ම නම්
නිමක් නැති කලුවරට
පෙම් සිහින ලියාපන්
ඈත ඇති!, 'තරු පන්ති',
උන් දෙසත් බලාපන්
උදුළ සඳ නෙත් දොරින්,
පිටවුණා කියාපන්!
කවි අඹර සඳක් වූ
නුඹ අවර ගියාවෙන්
නුඹෙ සිනහ මල් පියලි
අවාරෙත් පිපෙද්දෙන්
පලුදු තැන් රැඳි හදක් '
කඳුලින් ම නිවෙද්දෙන්
නුඹ නොදුටු ඇඟිලිතුඩු අග'
''නුඹව'' ලියෙද්දෙන්!
-මතක සියල්ල උගුල්ලාගත් පසුත්....
තවමත් නෙත් පුරා මග බැලීම ම...
ප්‍රේමය යැ'යි ලියමි!-
'' පුරවන්න බැරි වේවි!
නුඹ නැති තනි...''
_අහස්...✍️_