කිරි කුඹු සාර ලැම මත සේ ම සුවය රැඳී
අත්ලෙහි සිනිඳු සවිමත් බව සතුට දුනී
මද නල නිවන සුසුමන් මගෙ පපුවෙ ගැටී
අම්මා යන්න වචනය හද රැව් නැගුනී
දිගු නෙත් කැටපතක් වුනි මා උන්න තැන
උකුල් තලය යහනක් වුනි හිස මතට
රැඳි සත්සරය මුසු වූ සුභ සිහිනයක
ගීයක් වුනා දෙසවන වෙත මිහිරිත ම
සුරැකිව රැඳුනු කුළුඳුල් ගැබ මම ම උනේ
පින්සාරු ඒ බහ තෝරන්නට ම නුඹේ
" අම්මා " කියා බහ තේරූ මුල් ම දිනේ
පෙරුමන් පිරූ පැතුමන් ඉටුවුනි ලු සිතේ
__අහස්...✍️__