Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Content Writer

Aug 07 2024 @ 12:05

අම්මා සඳකි''



කිරි කුඹු සාර ලැම මත සේ ම සුවය රැඳී
අත්ලෙහි සිනිඳු සවිමත් බව සතුට දුනී
මද නල නිවන සුසුමන් මගෙ පපුවෙ ගැටී
අම්මා යන්න වචනය හද රැව් නැගුනී

දිගු නෙත් කැටපතක් වුනි මා උන්න තැන
උකුල් තලය යහනක් වුනි හිස මතට
රැඳි සත්සරය මුසු වූ සුභ සිහිනයක
ගීයක් වුනා දෙසවන වෙත මිහිරිත ම

සුරැකිව රැඳුනු කුළුඳුල් ගැබ මම ම උනේ
පින්සාරු ඒ බහ තෝරන්නට ම නුඹේ
" අම්මා " කියා බහ තේරූ මුල් ම දිනේ
පෙරුමන් පිරූ පැතුමන් ඉටුවුනි ලු සිතේ

__අහස්...✍️__