යදින්නට ප්‍රේමය ඇතිවිය යුතු නැත
හිමිවන්නට ප්‍රේමය යැදිය යුතු නැත
රිදෙන්නට හදවතට බැඳිය යුතු ද නැත
සොහොන් බිමකට අරලිය මලක සුසුමක්'
බර වැඩි ද නැත
ඉඩෝරයෙ කටුක තැන් දුක්මුසු ම නැත
ඇරයුමක් නැති බිම ද වසන්තය ඇත
කැඩි කැඩී ඇදහැලුණු කඳුලු වැහි කැට
හද නමැති වැහි කුළට මහ මෙරක් නොව
_නොදැනෙන බව දැනෙන්නට මත්තෙන්.....
නුඹ කෙරෙහි බොහෝ කළක් වූ
මා සතු සියුම් ම හැඟීමක් පවා මියගොස් ඇතැයි
මා සිතමි!
(අසීමාන්තික ප්‍රේමයට
......අසීමාන්තික රිදුම් ඇත...!)_