කවියක නොව අන් තැනදී
සිහිනයකත් නුඹ මියුනි
එහි සුලමුල දත් දින දී
මුලු ලය කඳුලින් වෙලුනී.....
හවසක නොදොඩා තැවුනි
මැදියම සඳ වෙත ලියුනි
නුඹ හමුවන්නට පෙරදී
මගෙ හද කඩ කඩ බිඳුනී....
වැහිබර අහසක තතු කී
දෙනෙත අස්වසනු නොහැකී''
හෙට දිනක ද පෙම් පුරමි
සමරුවකින් සිත නිවමි....!
-නුඹ සටහනක් වූ සමරුවක.....
මා හුදෙක් නුඹේ ඇසිල්ලක පවා අතරමං වූ උන්මත්තකයෙකු වී මි-
_අහස්...✍️_