Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Content Writer

Nov 09 2026 @ 22:27

රාග වේදනා



තත් අතර සුසර කල තඹර පෙති අග
කිතිකැවෙන්නට රුසිය සමිද'; තුඩ' අග
අධ;යි හස තුඩු තවම මමනකල දිය
හැකිද දෝතට අරං සනහන්න හෙට!

නොලද බව මුහුකුරා යලි යලි ම හද
කියන බව නොඇසෙන්න බඳ බොළඳ නැත
වරක් නිය තුඩු අගින් හූරාපු හැඩ
සිතුවමක් වී පෙනෙයි අදත් ළය මත''

ඉරිතැලී වියැලි ගිය පැලුනු දෙතොලත
අකීකරු නිය අතර දැවටෙන්න හිත
බඹර තත අගම එය බැතිබරම වග
සමිද'; නුඹ හැඳිනුවේ නැතිද පෙරදින...?

සුසුම් නළ මතින් නුඹෙ වියැලෙන්න හිත
අඹ' තඹර අග තදින් පොරකමින් ඇත
සමිද'; නුඹෙ මුව පුරා මමන මීවිත
මධු රසය හද පතුලෙ ගැඹුර තුල ඇත!




_අහස්...✍️_