සුහුඹුලේ විත් එතැන හිඳ
එකට ලංවී එකට තෙපලූ
නුඹ බොළඳ හන්දා
අනේ වැහිකුලු හලාපන් දිය
හැඟුම් මේ හැටි බියකරු' ම හින්දා
කකියවන මගෙ පපුව අස්සට
රිදුම් දුනි නුඹ නොමැති සිසිරය
සුසුම් ගැටුනා නම් වරක් හෝ
සිහිනයෙන් හන්දා
හිතේ ඇති ගිනි නිවන්නට
නුඹ' දිය පොදක් හන්දා
ප්‍රේමයෙන්' ඇඟිලිතුඩු මත රැඳි
රත් රුහිරු තෙත් වී ගලනවිට
සිත වංක හන්දා
මගෙ'ම කොපුල'ත මගෙම දෑත'ත්
සුසුම් කැටි නුඹ හෙලන සේ
සුසිනිදු ද මන්දා
තහනම් ම සියුමැලි ම ස්වරය ත්
ප්‍රේමයෙන් අධ දෙනෙත් අභියස
සුමිහිරි'ලු හන්දා
නාඳුනන සේ ඉවත ලෝකෙක
නෙතු රැඳෙන එක සියුම් මොහොතක
වරක් දෑඟිලි පිරිමදින්න'ට
අවසර ද මන්දා
නෙත් පුරා නුඹෙ නෙත් දකින්නට
ප්‍රේමයෙන්......!
ඉඩ හිමි ද මන්දා....''
__අහස්...✍__