නුඹ ද සිරගත මතකයකි මට
ඉඳ හිටක මගෙ සුසුම් අතරට
ප්‍රේමයම උමතුවක් බව ලී
මුල්ම පද රැඳි සඳැස් අතරට
ඉඩෝරය සේ නිස්කලංකව
නිරායාසෙන් හදවතට බට
වස්සානයේ සිසිල ඉදිරූ
වංක සහගත මිරිඟුවකි නුඹ
හදෙහි හැකි දුර අට්ටාල බැඳ
කවි නොවෙද කැටපත් කලේ නුඹ
නුඹ යොදාගත් පන්හිඳේ තුඩ
තාම ඇනෙනව හදවතේ උඩ
හදෙහි ඉහලම නහර අලුකොට
පලුදු තැන් නොමැකූ වඩු'ය නුඹ
ප්‍රේමය නම් නිකොටින් දුම් වලා අරක්ගත් සමාජහලෙහි..''
උමතුවෙන් මෙන් හද සෙවූ සිසිලස'ය නුඹ
__අහස්...✍__