මතක ලන්තෑරුම් ; අමාවක
සුපෙම් සඳ නැති පාලු මැකුවා
නොපැහැපත් සඳ ඔබේ සිසිලස
සියුම් ගිනි දැල්ලටත් දැනුනා
එළිය හිස්වී සමහරක් විට
ඒ දැල්ල ගල් වෙන්න තිබුණා
ඒත් හද තුළ රැඳුනු උණුසුම්
සුසුම් මැද ඒ එළිය රැකුනා
පරණ වී පුස් බැඳුනු තරු එළි
උඩින් පල්ලෙන් මටත් පෙනුනා
ඒත් නොදැනෙන නොදුටු ගානට
මමත් කරබාගෙනම හිටියා
ශේෂ වූ වස්සානයක් ලඟ
වැහි වලාකඩ අහස වැහුවා
මගෙත් ඇස් අඳුරට ම හුරු කොට
මතක ; වැහි යට තෙමෙනු හැරියා
තනියට පෙම් බැඳි මගෙත් ඇස් දෙක
එක උරක් හොඳටෝම තෙමුවා
දරාගෙන හද; හිසට උහුලන්
ඒ උරට ; හිස බරට නැමුවා
________________________________
මතක......
අස්වසාලූ හදවතක තවමත් ශේෂ විය
හදවතෙහි පලුදු තැන්
නොමැකෙන ලෙස සටහන් විය
විරහව.........
කඳුලු මත අතරමං විය
නමුත් ආදරය
ඒ උරහිස මත.....
අවසන්වරටත් හුස්මගන්නට විය
__අහස්...✍__
________________________________