සිසි නුඹ අඹර මොනවද කවිකර ලියති
මගෙ මුලු හදවතට කඳුලක රස කියති
නුඹ වත් නොදුටු හසරැළි, හුඟ' පොද බැඳෙති
නොදැනෙන්නට වගේ මම හසුනක් ලියමි
ගිරිපට අතර හිරු' දැහැනෙන් මිදෙනකොට
මීදුම තෙත්කරයි හද මුදු මල් පියළ
දැකගන්නට නොරිසි කෝමළ බිඟු ගුමුව
සැළ'කල හදක ගැස්මක් විය පපුව යට
වත්සුණු සුවඳ මත නොරැඳුනු මධු සුවඳ
නිල්මහනෙල් විලක මල් අග බිඳෙනු ඇත
රොන් නැති මලක් වුව විල් තෙර රැඳිය හැක
පුල් වූ පමණ මල් නොසිඹිති බඹරෙකු ද
හදවත නමැති වීණාවෙහි වැයෙන සර
කිසියම් විටෙක උස් ස්වරයෙන් ඇසෙනකල
ඇස් කණ් පෙනුන සැටියෙන් කල්පයක් වු'ව
ප්‍රේමය ම' ත් නොවෙයි නෙත් දොළ රිදන නළ
_අහස්...✍️_