ගොයුම් ගී රස පණ ගැහෙන හද
කකියවන තරමට දැනී
රිදුම් දෙන ඇණි කළඹවන හිත
හැඟුම් අහසට මොර දුනි
කියන්නට බැරි තරම් නෙත් තුළ
කඳුලු පමණක් ගොනු වුනි
අසා නොවිමසනා අහස ලඟ
ඒ කඳුලු කැටි ගිලිහුනි
කැලැල් මත හිස් පිරූ ප්‍රේමය
නිකැලැල්ව ගිනිබත් වුනි
පුළිඟු සේ අලු ගැබක් පතුලත
යලිත් නුඹ මිහිඳන් වුණි !
පුස් බැඳී වියපත් ව වැහැරුණු
මනැසින් නුඹ ද යලි හිනැහුනි
මොකුත් නොකියා බලා හිනැහී
මමත් එතැනින් නික්මුනි
අලු ගැබෙහි පතුලටම වේගෙන්
නුඹෙ සිනහ දිය නික්මුනි
නිවෙන අවසන් පුළිඟුවත්
මට රිදුම් දී කෑ මොර දුනි
මතක; මතක'ය සිඹින්නට යලි
එතුළ නුඹ නැති බැව් දනී
ඉතින් තව හිත පුච්චනා
ඒ ප්‍රේමයට මම සමුදෙමි !
_________________________________
ඉතින් අවසන් ගමන් යන්නට
ප්‍රේමයට අවසර දෙමි...🖤''
__අහස්...✍__
_________________________________