හදම අධ කොට නෙතක කඳුලින් නුඹව දැක්කා නොවෙයි
නුඹේ සිනහවෙ ළ'පලු කැන්වල මිහිර මධු විත වගෙයි
සතුට දොම්නස ඉහිරි කඳුලැ'ලි මගෙත් ඉතිරූ නිසයි
සුහද, ප්‍රේමය නුඹේ නෙත් අග සොඳුරු කඳුලක් තමයි!
විඳිමි හරසර වසන්තයෙ මල් සුවඳ දුන් සඳ නුඹෙන්
සිහිනයක හිඳ දොවමි හසරැළි තිමිර නිම්නෙක හිඳන්
සුසුම් සොඳුරුද කොයි තරම් නුඹ සිහිව මිමිණෙන සැනෙන්
රැයෙහි සිහිනෙක වඩිනු කුමරුනි අදත් පෙනෙනා දුරින්
සොඳුරු හදවත ලියූ ප්‍රේමයෙ අමිල රසඳුන නුඹයි
නුඹේ සිසි'වත කොපුල් අසබඩ සිඹින මද නළ මමයි
දැනුනු නිම්තෙර නුඹේ මල්සර හාදු කොහි හෝ රැඳෙයි
ඉතින් හිතවත නුඹ පිපෙන බිම වසන්තය නුඹ තමයි!
-ඉතින් ඒ ප්‍රේමයෙහි හරසර නුඹට...!-
_අහස්...✍️_