__හදවතට අකැප වූ මිලින පෙම් මල __
රොබරෝසියා වියන් යට හිඳ
වැව් ඉස්මත්තට හාදුදුන්
ලස්සන පෙම් පුරාවතක් ඇහුණා
නුඹේ මුව අග රාව දුන්
__ලසෝ ලතැවුල් හිතක පුරවන්
__මැරෙන මල් පෙති දෙස බලන්
__නුඹ නමට එක කවියක් මිමිණුනා
__ලියන්න බැරි,, බර වචනයෙන්
වියෝ ගීයක සත්සරය
එහි මුසුවුනා නුඹටත් හොරෙන්
මට ම දැනුනා කඳුලු,, කම්මුල්
දවන හැටි එතරම් තදින්
__පාට පිච්චුනු හවස අහසට
__අලු පාට හසරැළි දොවන්
__කොහොම කියන්න ද කඳුලු වැටුනේ
__පරවෙලා යන නුඹ නමින්
තවත් අත් මත තැලී පොඩිවෙන
රෝස පාට මල් පෙති තුළින්
නුඹේ දුක මලකටත් දැනුනා
මොහොතකින් මටමත් හොරෙන්
__සොයා පැල්ලම් ගැහුණු තැන්
__හදවත මැදින් හරි සීරුවෙන්
__වැව් දියෙන් සෝදාහරින්නට
__අවසරය! මතකත් අරන්
මොකට අවසර දුන්නාද
ඒ හද දොවන්නට වැව් දියෙන්
නුවර වැලිකැට පවා හැදුවේ
වළලන්න ප්‍රේමය අපෙන්
__කීරි ගැහෙනා සැපට වියැලුණු
__හදවතට නුඹ ගැනමවත්
__මොකට ලියන්නද කඳුලු කකියවන
__පපුවට ම බර ප්‍රේමයක්
_________________________________
මේ හදවතෙහි සියලු හැඟීම් නිශ්ශේදනය වන වකවානුවයි.......
දිනෙක රොබරෝසියාවන් සේ....
ඒ ප්‍රේමණීය සියලු හැඟීම්,,
මහපොළොවට ම පස් වේවි...!!
__අහස්...✍__
_________________________________