පිහි ඇනුම් සේ විටෙක ඇතැමෙක්
මිහිරිතම ස්වරයෙන් ලියයි
වැහි වලා පිරි අහසකට බට
සඳක් සේ හද ඉකි ගසයි
වරක් හිමිවී හමු නොවූ බැව්
දැන දැනත් හදවත ගැහෙයි
මලින් විකසිත ඉඩෝරයක ද
මලානික තනුවක් වැයෙයි
සුසුම් හෙමිහිට ලොවට රහසින්
නෑසෙන්න කඳුලැලි පුරයි
ඇස් කොනෙහි එතරම් කාන්දු ද...?
යලි හැඟුම් දෝරේ ගලයි
_ හදවත නම් ලැගුම්හලෙහි ද්වාරය...
මුණගැහෙන ප්‍රේමණීය ම මිනිසුන් සඳහා පමණක් විවර කල යුත්තකි...!
...ඇතැමුන් නොකියා ම නික්මයන බැවිනි...'' _
__අහස්...✍__