Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Member

May 18 2026 @ 00:13

සොඳුරු සිත්තම්...!



සිනා පා පොඩි ඇතිරුනා බිඳ බිඳක් ගානෙම සෙනෙහසක
එදා වාගෙම ගුලිවුනා මතකයක් මැයි මල් යට පිපී
ඉතින් ගහකොළ පවසාවිනම් හදක් රැඳි පෙම් නද ඇසී
නුඹව පෙනුනා සිහිනයක් සේ මගේ නෙතු අග මුණගැසී


හැ‍ඟුම් බොලඳයි පෙරත් වාගෙම ඇසිල්ලත් පෙම්සුව විඳී
කඳුලු උණුසුම් ගිම්හානයෙහි නුබේ හැඩිදැඩි උර ගැටී
සුසුම් සිසිලයි සිනිදු දෙතොලග සෙනෙහෙ අසපුවෙ කිතිකැවී
පෙමත් කෝලයි නොසිතු නිම්නෙක නුඹේ ඇසිපිය මුණගැසී


- ප්‍රේමයෙහි උන්මත්තක ඇසිපිය වෙත...!-

_අහස්...✍️_