නොහිමි'ව වියැකෙන පිටුවක රහසින්
කඳුලක් බොල් රස වින්ඳා දෝ
හීන්සැරේ නුඹ ඇවිදින් හිනැහුන
සිහිනෙක පරවුණු මල් වාගේ...!
පෙම් සඳ, අහසක මගෙ හද අතුරා
තරු විමනක් යට උසුලු කලා දෝ
සිත්තරුවන් ඇඳි වළා විමන් තෙර
දැනුනා මට නුඹෙ සිත වාගේ...!
සීතල සුළඟක මිමිනී හිනැහෙන
සත්සරයක් හද දෙකඩකලා දෝ
ඒ සිත් විමනෙහි රටා අඳින්නට
තහනම් ඇති මට' ''සඳ'' වාගේ...!
-ප්‍රේමයෙහි මටසිලිටු බොහෝ ස්පර්ශයන් හි
නොසණ්ඩාල රිදුම් කැටි පෑරවෙන මොහොතක් පාසා ම....
හදවත්....
එකී සියුම් උන්මත්තක පිහිතුඩු අගින්....
කොන්දේසි විරහිතව සිදුරු වී යනු ඇත!-
_අහස්...✍️_