වියෝපත් වූ ප්‍රේම කවියක
හිඩැස් තැන් තව මකනවා
නොමැකෙනා මා ලියු සුසුම් කැටි
මගෙම හදවත බිඳිනවා
විඩාබර මැදියමක කණිසම
නෝක්කාඩුව ඇහෙනවා
නුඹ අතැරගිය බිම ඉඳන්
මං හෙටත් තව මග බලනවා
ඉහිරුණා පිණිකැට විටින් විට
මහන්සි ද ? හද අහනවා
ටික කළක් නුඹ ඉතිරිකර ගිය
මතකෙ මල් කෙමි හඬනවා
තාම සන්සුන් හිතට
වැස්සට පෙඟෙන මල්පෙති පෙනෙනවා
නුඹේ ප්‍රේමයෙ සුවඳ වැහි කැටි
මොරටු අහසින් වැටෙනවා
'' නෑ.......!
මගේ හද ලියු ප්‍රේමයට
ඒ මොරටු අහසම හඬනවා....'
පුස් බැඳුනු එක කවි පොතක
මං තාම නුඹ ගැන ලියනවා ''
_ ඇළි පියාපත් ඔටුණු ලෑ'
නුඹෙ ලැමෙහි මගෙ පණ ගැගෙනවා _
__ අහස්...✍__