සරත් සෘතුවේ සුළඟට
අල්තාරයේ මායිම
පෙම්පාට ය.....
ඉකි බිඳින අරුමෝසම් හසරැළි
අදටත්.....
හදවත මවා පෙන්වන ඔහු ලඟ
ජීවමාන ය.....
විස්සෝප වී ආපිට හමන මෝසම්
ඉස්සර මෙන් නොව
දැන් දුලබ ය
එදා පෙනුනු ලස්සනට ම
අද ශේෂ වී ඇත්තේ
ඈතින් ඉඳන් මට කතා කියන
අහස පමණක් ය
වසර ගණනක් තිස්සේ
මා ඔහුගෙන් බලාපොරොත්තු වූ
එකම වචනයත්
මට අහිමි වී හමාර ය.....
ඇය හරිම පින්කාරියකි
එක ම දුක නම්......
අවසන් වරටවත්
මට ඔහුගේ දෙ ඇස් තුළ කාන්තිය
භුක්ති විඳීමට නොහැකි වීම ය....
_________________________________
ඒක මහා ලස්සන උත්සවයක්
මට වරක් ඇහුනා....
ඔහු සතුටින් සිනාසෙනවා.....
පුදුමයක් නැහැ
අදත් මම
ඔහුගේ ගිවිසගැනීම ගැන
දිනපොතේ මතක පුරවාවි
හැමදාමත් වගේ......''
________ඇකඩමිය වෙත...
__අහස්...✍__
________________________________