කිතිකැවුනු මොහොතින් පුරා හද
යෞවනේ... රහසින්
ප්‍රේමයේ දොරගුලු හැරුනු වග
නොදැනුනිද නොදනිම්....
වස්සානයම මුණ ගැහී හිඳ
මල් දැරුව මතකය පුරාවට
නුඹේ නිල් දෙනුවන් බලා හිඳ
වියෝපත් ලී වස්සානයක......
සුසුම් ඉවසන්නම්......
හදෙහි හඬ දෙසවන අසන විට
ඒ හදම මට දොස් නගන විට
මතක තුළ මොහොතක් තියා හද
අඳ දෙනෙත් නොපියන්.....
නුඹෙන් වෙන් වෙන්නම්......
බිඳුනු සිත පෑරී රිදෙන විට
කඳුලු උණුසුම් වී ගලන විට
මිදුනු හසරැලි මුවෙහි තවරන්
පෑරෙනා සුසුමින්....
නුඹව විඳගන්නම්.....
නොපෙනෙනා දුරකින් බලාහිඳ
නුඹත් පිටුපා යන දිහාවට
සුහද ! ප්‍රේමයෙ මල් දරාගෙන
යලිත් මා එන්නම්.....
මියුනු සේ රහසින්......
_________________________________
සුහද නුඹ නම්,,,,
අවාරේ විඳි ප්‍රේමයක්
ඉතින් ඒ අවාරය ම
සුසුම් මියැදුනු සෘතුවක් !
සිතම නිවුනා නම්'
ඇතැම් විට......
දැහැන්ගත එක හාදුවක් !'
_________________________________
__අහස්...✍__
_________________________________