
හුදෙකලා නැති පාලු තැන්නක...
නුඹත් මම යලි හමුවෙලා
තනිව මුමුණමු හිඩැස් තැන් ඇති ප්‍රේමයක්'
දොඩමලුවෙලා
ඈත අහසින්
සැඳෑ සුළඟක් හමා එන තෙක් ලංවෙලා
විසිරයමු කාටත් හොරෙන්
යලි සොඳුරු සිත් වෙත ලංවෙලා
පාට බොඳවූ මතක ඇති
සමහරක් තැන්වල ගල් වෙලා
දුක් සුසුම් ඇති නුඹ ලඟත්
සන්තාප අහසට ලංවෙලා
කියාගන්නට නොහැකි ඒ දුක,
කඳුලු අතරට අමුනලා
දියකරන්නට මහමෙරක් ඉඩ
මගේ උර මත ඇත ලියා.....!''
_යලි හැමදාමත්_
-අහස්...✍️-