ඇසක හසරැළි සිහිනවල මිස
නොරැඳියෙන් මා ළඟදි
නුඹව සිහිවන මොහොතක ද හද සීරුවට ඉකි බිඳුණි
එහෙම හවසක පුදසුනෙහි හද ලියූ කවි නුඹ ගැවසි
මතක සිහිවටනයක් විලසක තියන්නම් සිත් මලෙහි
සිඳී තටු ගිලිහුන ද විහඟෙකු අහස සිප ඇති බැවිනි
සිඳී වියැකී ගියපසුත් පියපතක සතුට ම රැඳෙති
නුඹත් නොදැනිම සෙනෙහසක සුව සතුට මට දුන් බැවිනි
මොකුත් නොකියා ගියත් හදවත හෙටත් සෙනෙහෙන් රැඳෙති
පියල්ලට සුව දුන් බඹර තුඩ නටුව නොහැඳිනු බැවිනි
මිලින වී යන මලෙක වුව ප්‍රේමයෙහි සුවඳ ද රැඳෙති
මටත් සතුටක සර තිළිණ කළ නුඹත් භවයක හමුවී
දකින්නට ආදරෙන් හිතවත සිහිනයක් හද ලියමි!
_හිතාදර නුඹේ ඇස් මගෙ නොවූ වරුවක වු'ව....
මා ඉතා සෙනෙහසින් හදවතෙහි එබ්බවූ ප්‍රේමයෙහි සියුම් ප්‍රහර්ෂයන් පවා නුඹ ට යැ'යි ලියමි!_
_අහස්...✍️_