වියන්පටින් බැස සඳ මෙහි වැඩි වග
කීවා තරු පොකුරක්
මට මුමුණා මගෙ පියුනු සවන් යුග
ලීවා පෙම් කවියක්
ඈතින් පෙනි පෙනි දෙනුවන සනහන
අවිහිංසක අඹරක්
කාටත් රහසින් කුළුඳුල් හද වෙත
දැනුනා සුසුම් නළක්
පෙරයම දිලුනා ආදර ළසඳක
පෙම්වත් කිරණ පොදක්
මගෙ සිත් අහසට අමාවකට වත්
ඒවිද එකම වරක්
පසුයම නිදි දෙව්දුව වෙත ලීවා
නොලියූ රිදුනු සිතක්
නෙත් සනහන උණු කඳුලක දැනුනා
පෙම්වත් නුඹ ව හුඟක්
-සැදී බොඳව කිරණින් ම මිලිනව යන දසුනක් දුටු ප්‍රේමයෙහි සදාහරිත නිම්නයකි''
නුඹ සදාකල් නොදකින...
නුඹට ලියූ....
සිත් අහස ම!
මගෙ මුලු හද ම!-
When Dhanith Sri said,
''ආදරෙ කියලා හිත පිළිගන්නට....
නුඹ තනිකර' මගෙ වෙන්නම ඕනෙද ?...''
I deeply felt it 🖤!
_අහස්...✍️_